විදෙස් රැකියා ලබා දෙන බවට සදහන් කරමින් රුපියල් 820,000ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන පොලිස් ස්ථානයට ලැබූ පැමිණිලි 06ට අදාලව සිදු කළ විමර්ශනයට මොවුන් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවටගත් සැකකාරිය හා සැකකරු 27 හැවිරිදිවියේ පසුවන රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content