නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන සහ ලිපි ශීර්ෂ භාවිත කර මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කරනු ලබන්නේ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන විසින් පමණක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයා සිය අත්සනින් යුත් කිසිදු ලිපියක් නිකුත් කර නැහැ.

ව්‍යාජ අත්සන් යොදා විදේශ රැකියා සඳහා යන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content