ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛාව තවදුරටත් ඉහළගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ගෙවුණු පැය 24 තුළ මැතිවරණයට අදාළව පැමිණිලි 51ක් වාර්තා වු බවයි.

එමෙන්ම ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 230ක් වාර්තා වන බව මැතිවරණ කොමිෂන් සභා සදහන් කළා.

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ලබන 14 වනදා අවසන් වන අතර නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදුකිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

WhatsApp Group

Skip to content