ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වනවා.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content