දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එක් දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් හරහා එම බලපත්‍ර ස්පීඩි පෝස්ට් හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

WhatsApp Group

Skip to content