විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම උත්සවය හේතුවෙන අද උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content