විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස 25 වනදා මෙරටට ලැබෙනු ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව එදිනට හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබීමට නියමිතය.

WhatsApp Group

Skip to content