ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහක ලිපි කූඨ ලෙස සකස් කල ස්ථානයක් පවත්වාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පන්නල ප්‍රදේශයේ නිවසක භුගතව මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකල වැටලිමකදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content