මෙරටට පැමිණි සෞදි අරාබියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙරට සෞදි තානාපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.

තිදෙනෙකුගෙන් සමන්විත සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණ තිබුණේ එරට ව්‍යාපෘතියකට අදාළව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කොහු බත් පිළිබඳව සොයා බැලීම සඳහායි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් සෞදි අරාබියට කොහු බත් අපනයනය කිරීමෙන් වසර කිහිපයක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට උපයාගැනීමේ හැකියාව පවතින බවද වාර්තා වනවා.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා.

https://www.vnews.lk/storage/2023/07/THARAKA-BALASOORIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content