ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණිය සදහා නව පත්කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ගුරු සේවයට අයත් දෙවන ශ්‍රේණියේ ගුරුවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට අදාළව 2019 වසරේ පෙබරවාරි මස 13 වන දා අවසන් වරට විභාගයක් පවත්වා තිබුණා.

එහි ප්‍රතිඵල මත පදනම්ව පුරප්පාඩු 1918 ක් සදහා නව පත්වීම් සිදු කර තිබුණා.

කෙසේ වෙතත් අධ්‍යාපනය අමාත්‍යාංශය එම පුරප්පාඩු පිරවීම සදහා පසුගිය මැයි 8 වන දා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

නව පුරප්පාඩු පිරවීම සදහා යළි තරග විභාගයක් නොපවත්වා 2019 වසරේ පැවති විභාග ප්‍රතිඵල මත පදනම්ව එම පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කිරීම හේතුවෙන් අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුවන බවට පවසමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content