වසර පහක් පමණ නොදී තිබූ විදුහල්පති පත්වීම් 4672ක් ලබා දුන් බවත් වැඩබලන විදුහල්පතිවරුන් 1800ක් ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග එක් ව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගුරු හිඟය පියවීම සඳහා ද පියවර ගනිමින් සිටින අතර ගුරු සහායකයන් 2535 ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර ඇති බවත් පළාත් මට්ටමින් නව ගුරු පත්වීම් 6000ක් පමණ දීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය. එසේ ම ජාතික පාසල්වලට ද තව සති දෙකක් තුළ විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යන අංශයන්ගෙන් ගුරුවරුන් 2000ක් පමණ සියලු ම ජාතික පාසල්වලට පත්වීම් ලබා දීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

WhatsApp Group

Skip to content