විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ දී එම විදුලි සෝපානය කඩා වැටීමෙන් ඒ මහතා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි හම්බන්තොට පොලීසිය සඳහන් කලේ.

අනතුර සිදුවන අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා සමග රැඳී සිටි ඔහුගේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවුනා

WhatsApp Group

Skip to content