කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද අඛණ්ඩව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/08/ROSHAN-RANASINGHE-EDIT-01.mp3?_=1

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ රොෂාන් රණසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/08/ROSHAN-RANASINGHE-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content