ඉන්ධන මිල මෙන්ම විදුලි මිල ද වැඩි වීම මගින් ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වනු ඇති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා පවසනවා.

මෙලෙස රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කරන්නේ නම් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප ද දෙගුණයකින් වැඩි කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

https://www.vnews.lk/storage/2023/10/AJITH-K-THILAKARATHNE-EDIT.mp3?_=1

මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් විමසා සිටියේ තුන්වන වරටත් විදුලි මිල වැඩිකිරීමට සූදානම් වන්නේ කුමන පදනමකින්ද යන්නයි.

https://www.vnews.lk/storage/2023/10/SAJITH-PREMADASA-EDIT-.mp3?_=2

එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රජය සිදු කිරීමට නියමිත විදුලි මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති මොහොතක රජය ගෙන ඇති තීරණය අනුමත කළ නොහැකි බයි.

https://www.vnews.lk/storage/2023/10/ANURA-KUMARA-EDIT-1-1.mp3?_=3

WhatsApp Group

Skip to content