අද සිට විදුලි සංදේශ සේවා සදහා වන බදු ඉහළ දමන බවට දුරකතන සමාගම් දැනුම් දී තිබෙනවා.

වැට් බදු සංශෝධනයට රජය පියවර ගැනීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු , අන්තර්ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා ලබා ගන්නා රූපවාහිනි සේවා ගාස්තු වැඩි කරන බවයි දුරකතන සමාගම් ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ජංගම දුරකතන මිලද ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසුවේ මේ හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින් ද පීඩාවට පත්වන බවයි.

https://www.vnews.lk/storage/2024/01/INDRAJITH-PERERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content