ගත වූ වසරක කාලය තුළදී රජය මගින් විදුලි බිල තුන් ගුණයකින් ඉහළ නංවා ඇති බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී 75% කින් වැඩි කරන ලද විදුලි බිල පසුගිදා නැවතත් 66% කින් වැඩි කර ඇති බවයි ඔහු පැවසුවේ.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 765ක් වනු ඇති බවද පාඨලි චම්පික රණවක මහතා කියා සිටියා.

WhatsApp Group

Skip to content