විදුලි බිල නැවත වැඩි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් පිරිවැය ගණනය කිරීම වත්මන් තත්ත්වය සමඟ නොගැළපෙන බව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දි තිබෙනවා.

වැසි ලැබීමත් සමඟ ජලාශවල මේ වන විට පවතින තත්ත්වය සහ ජල විදුලි උත්පාදන හැකියාව වැනි සාධක සළකා පිරිවැය නැවත ගණනය කරන ලෙසයි කොමිසම පවසා ඇත්තේ.

පසුගියදා විදුලිබල මණ්ඩලය විසින් සියයට 22 ක පමණ විදුලිබිල වැඩිවීමක් ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

 

WhatsApp Group

Skip to content