විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද දිනයේ හෝ හෙට දිනයේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබා ගැනීම සදහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීම සදහායි මෙලෙස විදුලි බිල නැවත ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.

 

 

WhatsApp Group

Skip to content