විදුලි බිල අවම මට්ටමකට ගෙනඒම සදහා රජය කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඒ සදහා රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනිය බලශක්තියෙන් සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළා.

2019 වසරේදී එම වැඩපිළිවෙල ආරම්භ කළ බවත් එය තවදුරටත් ක්‍රියාත්මක කරමින් එම අරමුණ සපුරා ගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content