සියලු ජලාශයන් ජලයෙන් පිරී යාමෙන් ජල විදුලි නිෂ්පාදනයේ වැඩි වීමක් සිදුව ඇති බැවින් විදුලි බිලට සහනයක් කඩිනමින් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා.

ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ පාර්ලිමේන්තු සභා වාරය අමතමින්.

ජල විදුලි නිෂ්පාදනය පසුගිය 20 වැනිදා වනවිට සියයට 31 දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය වැඩිවීමේ වාසිය ජනතාවට ලබා දෙන ලෙසට ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content