උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා .

අනතුරෙන් පොලිස් නිලධාරියෙකු සහ ග්‍රාම ආරක්ෂකයින් පස් දෙනෙකුද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .

විදෙස් වාර්තා පවසන පරිදි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක් මතට වැටී ඇති අතර, පාලම හරහා විදුලිය ගමන් කර ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content