හදිසියේ බිඳ වැටුණු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සදහා තවත් දින 8 ක් පමණ ගත වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ වුවද අඛණ්ඩ විදුලි සැපයුමකට බාධාවක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ අතර නොරොච්චෝලේ විදුලිබලාගාරයේ බිඳ වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/08/WIMAL-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඇතැම් පිරිස් රට අස්ථාවර කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/08/KANCHANA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content