ලබන වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ජනවාරි පළමුවන දා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනා ලබා දිය යුතු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලබන මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන බවට අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/DANUSHKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content