විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ ඔක්තෝබර් 18 වනදා දක්වා ඊට අදාළ මහජන අදහස් හා යෝජනා කැදවීමට තීරණය කර ඇති බවයි.

විදුලි ගාස්තු යළිත් ඉහළ දැමීම සදහා අනුමැතිය ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

අදාළ ඉල්ලිම පිළිබද සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.

මේ අතර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා ද ඊයේ මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/PATALI-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content