විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලබන සිකුරාදා අවසන් තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබද මහජන අදහස් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.

ලබන ජුලි පළමුවනදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.

ඒ අනුවයි මේ පිළිබද මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කළේ.

මහජන උපයෝගිතා කොමිස අනිද්දා රැස්වීමට නියමිතව තිබෙනවා.

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සභාපති ධුරයට පත්වීමෙන් පසුව මහජන උපයෝගිතා කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

 

WhatsApp Group

Skip to content