ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් විසින් අදාළ ගෙත්සම ගොනු කර තිබුනා.

ඒ අනුව මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැදවන ලෙසයි.

මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඊට අනුමැතිය දීමට මහජන උපයෝගීතා කොමිසම ගනු ලැබූ තීරණය ද නීතියට පටහැණි බව පෙත්සම්වලින් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content