විදුලි ගාස්තු අඩු කිරීම සදහා වන යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කළේ අදාළ යෝජනාවලිය පිළිබද මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවීමෙන් පසුව විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශත ප්‍රකාශයට පත්කරන බවයි.

විදුලි ගාස්තු අඩුකිරීම සදහා මෙම වසර තුළදී අවස්ථා තුනකදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ පවතින පුරප්පාඩු සදහා නව සාමාජිකයින් පත්කිරීම ජනාධිපතිවරයා විසින් කඩිනමින් සිදුකරනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content