හඟුරන්කෙත , මැදගම ප්‍රදේශයේදී විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටීම හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ අඹගමුව උඩබුලත්ගම ප්‍රදේශයේ පදින්චිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ අයෙක් බව සඳහන්.

WhatsApp Group

Skip to content