මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතෙයි මෙලෙස මෙම අනුමැතිය ලබාදී ඇත්තේ.

ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ අද දිනයේ සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

පළමු කොන්දේසිය වන්නේ කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේ එම මිලදී ගැනීම් පිළිබද ස්වාධීන විගණනයක් සිදුකළ යුතු බවයි.

කොත්මලේ පොල්පිටිය විදුලි රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රිය කළ යුතුය යන්න දෙවන කොන්දේසියයි.

තුන්වන කොන්දේසිය වන්නේ අවම පිරිවැය මත පදනම්ව විදුලිය මිලදී ගැනීම සිදුකළ යුතු බවයි.

WhatsApp Group

Skip to content