විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා.

වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 438කි.

එහෙත් එම ජලාශයේ ජල ධාරිතාව ද පහළ ගොස් ඇති අතර, ජලාශයේ උපරිම ජල මට්ටම මේ වන විට පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 409.7ක මට්ටමකයි.

එම ජලාශයෙන් විදුලිය නිපදවිය හැක්කේ, උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 380ට ඉහළින් පවතින විට පමණක් වනවා.

 

WhatsApp Group

Skip to content