මෙරට විදුලිබල ව්‍යාපෘතිවල ඇගයීමක් පසුගිය සතියේදී සිදුකර තිබෙනවා.

ඒ, ජපන් රජය සහ ජපන් ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහය මතයි.

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපෘති පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති පිළිබදව ද සාකච්ඡා වූ බවයි විදුලි බල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම මෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්දයෙන් ද අදාළ සාකච්ඡාවේදි අවධානය යොමු වූ බවයි ටුවිටර් පණිවුඩයෙන් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content