විදුලි බිල ඇතුළු විවිධ කරුණු පිළිබද විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 21 වැනිදා කැඳවීමට නියමිතයි.

ආයතනයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවන පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.

WhatsApp Group

Skip to content