ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිගමනය කළ සංශෝධන සහිත යෝජිත නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කළ බවයි.

ඒ අනුව අදාළ පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමැතිය සදහා ඉදිරිපත් කෙරෙන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ.

අදාළ පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බවත් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණා.

මේ අතර යෝජිත නව විදුලිබල පනතට එරෙහිව සර්වජන බලය එකමුතුව ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපිටදී විරෝධතාවක ද නිරත වුණා.

WhatsApp Group

Skip to content