විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.

ඒ කැනේඩියානු තානාපති එරික් වෝල්ෂ් මහතා සමගයි.

ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්වය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම හා ඒ සදහා වන රජයේ ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු සහ කැනේඩියානු විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලංකා – ඉන්දියා විදුලිබල පද්ධතිය කලාපීයව ඒකාබද්ධ කිරීමේදී ලබාගත හැකි යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් කැනේඩියානු රජයෙන් ඉදිරියේදී ලබා ගත හැකි තාක්ෂණික සහය ගැනද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content