යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්ව මරණ දණ්ඩනය නියමව පල්ලෙකැලේ බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මෙම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වේ.

මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණු බව සඳහන් වේ.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා.

WhatsApp Group

Skip to content