විද්‍යාපීට සියල්ල ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්‍යාලයක් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ගොඩනැගිම අපේක්ෂාව බවයි සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/09/SUSIL-EDIT.mp3?_=1

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content