විවිධ විට වර්ග භාවිත කරන අවුරුදු 20 ට අඩු ළමයින් අතර පූර්ව පිළිකා ලක්ෂණ මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි පවසනවා.

අදට යෙදී ඇති ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ජාතික දන්ත රෝහලට දිනකට මුඛ පිළිකා රෝගීන් 5ත් 10ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය එච්.එස්.ටී කරුණාතිලක වැඩිදුරටත් පවසා සිටියේ.

WhatsApp Group

Skip to content