විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ආරක්ෂණ ලේකන සිය වෙබ් අඩවිය හරහා හෙළි කිරීමේ වරද පිළිගැනීමට අසාන්ජ් කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
වසර 14ක් සිරදඬුවම් විදීම හේතුවෙන් තවදුරටත් ජූලියන් අසාන්ජ් හට සිරදඬුවම් නියම නොකරන අතර, ඉදිරි දිනකදී ඔහුගේ මය් රට වන ඕස්ටේ‍රලියාවට පිටුවහල් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content