මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ තාක්ෂණවේදින් ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ රෝහලේ අධ්‍යක්ෂකවරියගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි.
අධ්‍යක්ෂවරිය විසින් විකිරණ තාක්ෂණ ඒකකයේ නිලධාරින්ට මාස 02 සිට අමතර සේවාවන්ට ගෙවීම් අනුමත නොකිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content