2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1500 ක් ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට යෝජිත මහනුවර මයිලපිටිය අක්කර පහ වික්ටෝරියා ජලාශය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
ප්රදේශවාසීන් විශාල පිරිසක් දෛනික ගමනාගමන අවශ්යතා වෙනුවෙන් භාවිතා කරන මෙම මාර්ගයේ දීර්ඝ කාලයක් තුල කිසිඳු ප්රතිසංස්කරණයක්‌ සිදු නොවීම හේතුවෙන් ප්රදේශවාසී ජනතාව අපහසුතාවයන් රැසකට මුහුණ දීමට සිදුවිය.
මෙම තත්ත්වය පිළිබඳව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා විසින් අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය මගේ මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මෙලෙස ආරම්භ කරන ලදි.
රාජ්ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා,මාර්ග සංවර්ධන අධිකාරිය මධ්යම පළාත් අධ්යක්ෂ මහේන්ද්රන් විජේපාල මහතා ඇතුළු නිලධාරීන්, ප්රදේශයේහිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්ය නිලධාරීන්, ප්රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

WhatsApp Group

Skip to content