ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට හා විකල්ප වැඩපිළිවෙලක් සදහා සහයෝගය ලබා දීමට මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා හමුවේ එකඟත්වය පළ කර තිබෙනවා.

කොළඹ නගරයට පිවිසෙන ජාතික මාර්ගයක් වන බේස්ලයින් මාර්ගයේ අනවසරයෙන් සිදු කර ඇති ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිකිරීම් කඩිනමින් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව සදහන්.

ඒ අනුව ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීම සදහා විහාරස්ථානයේ වැඩවාසය කරන නායක ස්වාමින්වහන්සේ ඇතුඵ ගෞරවනීය මහා සංඝරත්නය, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරතව තිබෙනවා.

එහිදි අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කිරීමේදී එහි පවතින නීතිමය පසුබිම පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ නීති නිලධාරින් විසින් කරුණු පැහැදිලි කර ඇති බව සදහන්.

එමෙන්ම මෙම මාර්ගය ආශ්‍රිතව ඉදිරිකිරීමට නියමිත කුඵණු මත දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් සැලසුම් මේ වන විටත් සකසා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content