2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරනු ලැබුවා.
එඅනුව ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විකල්ප නැකත් සිට්ටුවක් ඔවුන් අද දිනයේදී ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් මෙම විකල්ප නැකැත් සීට්ටුව ඉදිරිපත් කර තිබෙනවා.

එම සංගමයේ නියෝජිත ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න මහතා පවසා සිටියේ, මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන බවයි..
විකල්ප නැකත් සිට්ටුවට අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී තිබෙනවා.

සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 දක්වා වූ හිරු අවරට යෑම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බවයි ජනක මාධව මහතා සඳහන් කලේ.

පූණ්‍ය කාලය තුළ නිර්මාංශ, පහසුවෙන් දිරවන, කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ කිසිදු වරදක් නොමැති බව ද ඒ මහතා සඳහන් කලා.

සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමග චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවයි ඒ මහතා කියා සිටියේ.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකල යුතුයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුකරනු මැනවි යනුවෙනුයි විකල්ප නැකත් සිට්ටුවෙහි දැක්වෙන්නේ.

 

WhatsApp Group

Skip to content