කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්තරයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබ්දය පිළිබද පුර්ණ සොයා බැලීමක් අද සිදු කිරීමට නියමිතයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ එම ගම්මානයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම ගම්මානය කඳු රහිත තැනිතලා බිමක පවතින බවත්, නිරන්තරයෙන් එහි පොළව අභ්‍යන්තරයේ විවිධ ශබ්ද ඇසෙන බවට ගම්මුන් විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය බියවීමට හේතුවක් නොවන බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content