උතුරු නැගෙනහිර, ඌව මධ්‍යම සහ දකුණු පළාත්වල අද සහ හෙට දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

උතුරු නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content