මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අනුරාධපුර වැවි 37ක්, වව්නියාව වැව් 32ක්, හා මන්නාරම වැව් 31ක් ද වශයෙන් තෝරාගෙන මේ වනවිට එම කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 573ක්, වව්නියාව දිස්ත්‍රික්කයට හා මන්නාරම දිස්ත්‍රික්ක වලට එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 496ක් බැගින් වැය කිරීමට නියමිතයි.
.

WhatsApp Group

Skip to content