ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසවන්ත ප්‍රමුඛ නාමය දිනාගත් වැලිබල් ෆිනෑන්ස් හි 65 වන ශාඛාව අද අංක 9, දෙහිවල පාර, බොරලැස්ගමුව මංසන්ධියේදී විවෘත කෙරුණා.

මෙම උත්සව අවස්ථාව සදහා වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතා, ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රොෂාන් තෙන්නකෝන් මහතා, විධායක අධ්‍යක්ෂ සිසිර වීරබාහු මහතා ඇතු`ඵ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අනුව ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් ණය, නිවාස ණය ඇතු`ඵ සිය`ඵ මූල්‍ය පහසුකම් ඉතා කඩිනමින් මෙම ශාඛාව හරහා සිදුකර ගත හැකියි.

මේ අතර පසුගිය වසරේ වැලිබල් ෆිනෑන්ස් හි සමස්ත ආදායම බිලියන 16.7 ක් වන අතර ලබා ඇති සමස්ථ තැන්පතු ප්‍රමාණය බිලියන 57.9 ක් වනවා.

එමෙන්ම බිලියන 1.72 ක ශුද්ධ ලාභයක් ලබා ඇති වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ සියයට 13.41 ක ව්‍යාපාරික වර්ධනයක් පෙන්නුම් කරන බවද සදහන්.

එමෙන්ම “ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් රිවීව් අවෝර්ඩ්ස්” හි වසර ගණනාවක් අඛණ්ඩව ජාත්‍යන්තර විශිෂ්ඨතා සම්මාන හිමිකර ගැනීමට ද වැලිබල් ෆැනෑන්ස් සමාගමට හැකි වුණා.

WhatsApp Group

Skip to content