මාතර වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වැලිගම නගරයේ නව ගාලුපාර ඉන්ධන හල ඉදිරිපිට පිහිටි ධීවර අලෙවිසැලක් වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42 සහ 52 යන වයස්වල පසුවන පිළිවෙළින් දෙනිපිටිය සහ වැලිපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් දෙදෙනෙකි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් එම වෙළෙඳ සැලේ හිමිකරු බවත් අනෙක් පුද්ගලයා එම මත්ස්‍ය වෙළෙඳ සැලේ සේවකයෙක් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content