වැලිගම  මිරිස්ස  වෙරළ තීරයේ දී තියුණු ආයුධයකින් පහර දී  පුද්ගලයකු  ඝාතනය කර තිබෙනවා.

මිරිස්ස – සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ බිම් කොටසක් සම්බන්ධව ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම  ඝාතනය සිදුව ඇති බව සඳහන්.

එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයකු විසින්  මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට  ලක්ව  ඇත්තේ මිරිස්ස, පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි  පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content