අගෝස්තු මස 04 වන දින කඳාන පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමට ආධාර අනුබලදුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු බව කියන පුද්ගලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ෂෂ හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දින කඳාන පොලිස් වසමේ දෙල්ගොඩ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 400 ක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

තවද සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරිමේදී මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි වරුණ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායිහි රැදී සිටින වැලිඔය ප්‍රියන්ත යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

එසේම සැකකරු ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කරන ලද හිටපු යුධ හමුදා සෙබලෙකු බවටත් එහිදී අනාවරණ වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

තවද පසුගිය අගෝස්තු 04 වන දින කඳාන පොලිස් වසමේ අංක 16/39, ඒ/2, පියුම් මාවත, කඳාන ලිපිනයෙහි පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමට අදාල වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය වෙඩි තැබීමට පෙර රැගෙන ඒම, සඟවා තබා ගැනීම, වෙඩික්කරු හට අවිය ලබාදීම, වෙඩික්කරු හා ගිනි අවිය වෙඩි තැබු ස්ථානයට ප්‍රවාහනය කිරීම, වෙඩි තැබීමෙන් පසු ගිනි අවිය සැඟවිම, වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු හට මෙරටින් පිටවීමට ආධාර හා අනුබල ලබාදීම, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමට ආධාර හා අනුබල ලබාදීම සිදුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content