වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේනවා.

අද අලුයම 3.48 පමණ රික්ටර් මාපක ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.

ඊයේ දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදු වුනා.

දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා.

බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර බුත්තල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ඉන්දු ඔස්ටේ්‍රලියානු තලයේ බිදීයාමක් හේතුවෙන් ඇති වුවක් බව ප්‍රේරාදෙනිය විශ්ව විදයාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

මෙම තත්ත්වය වසර 20ක පමණ කාලයක සිට සිදුවන බවත් එම බිදියාව සිදුවන ස්ථානයට ආසන්නතම රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/02/ATHULA-SENARATHNA-EDIT-.mp3?_=1

මේ අතර කල්පිටිය කුඩාව මුහුදු තීරයට අද අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා තිබෙනවා.

ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පැවසුවේ.

තල්මස් පැටවුන් 11 දෙනකු මුහුදට යැවූ බව ද එම කාර්යාලය සදහන් කළා.

මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස් විශේෂයට අයත් වූ වන් බවයි කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය සදහන් කලේ.

WhatsApp Group

Skip to content